ඩොලර් අරන් සිංගප්පුරු යන්න හැදු අක්කා-ම‍ලෝ අත්අඩංගුවට


(ප්‍රසාද් මුතුකුඩ)
 
සිය ගමන් මලු  තුනක ඇමෙරිකා ඩොලර්  72700  ක මුදලක්  සූක්ෂම අයුරින්  සඟවා සිංගප්පුරු බලා යාමට තැත් කළ  කාන්තාවක සහ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීන් පවසයි.
 
50 වියැති මෙම කාන්තාව සහ 40 වියැති  පිරිමි පුද්ගලයා  සහෝදරයින් බවද තොරතුරු  අනාවරණය වී ඇත.
කොළඔ ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මොවුන්   යුඑල්  302 දරණ ගුවන් යානයෙන්  සිංග්ප්පූරුව  බලා පිටත් වීමට   පෙර  නිලධාරීනට ලැබුණු තොරතුරක් අනුව කළ පරීක්සණයකදී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.