බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරයේ අගමැතිගෙන් ප්‍රශ්න නැගීමට වෙන්ව තිබු කාලයේදී ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඇමෙරිකාවේ මුලිකත්වයෙන් සහ බ්‍රිතාන්‍යයේ පුර්ණ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය පිළිබඳව ප්‍රශ්නයක් නැගිණි.
එහිදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ තමන් කියුදේ ඇහුවානම් මෙවැනි ක්‍රියාදාමයකට මුහුණදීමට ශ්‍රී ලංකා ජනාධිපතිට සිදු නොවන බවයි.
මෙම පිළිතුර පිළිබඳව විමතිය පළකරන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් කියන්නේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වශයෙන්ම පෙනීයන්නේ " ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ඇති උවමනාවකට වඩා ශ්‍රී ලංකා ජනාධිපති තම මනාපයට අනුව කටයුතු කරන්නෙකු බවට පත්කර ගැනීමේ අවශ්‍යතාවය" බටහිරට ඇති යැයි කියති.
මේ අතර පසුගිය වසරේ මෙන්ම ජිනීවා සැසිවාරය ඉලක්ක කරගනිමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නළිකාව තවත් පුවතක් ප්‍රචාරය කළේය.
එහි අතුලාන්තයද මිට පෙර වතාවලදී පෙන්වූ දේට වඩා විශාල වශයෙන් වෙනස් වූයේ නැත. මෙවර ඔවුන් යුද්ධය පැවති කාලයේ කිලිනොච්චි රෝහලේ සේවය කළ දොස්තර වර්ධරාජා තුරෙයිරාජා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්චාවක් ඇතුළත් කැර තිබුණි.
එම සාකච්ඡාව පටිගත කර තිබුණේ කොහෙද කියා සඳහන් නොවුවත් පසුබිම අනුව එය ලන්ඩන් නුවරදී සිදුකරන ලද්දක් ලෙසටත් එම දොස්තරවරයා දැනට ලන්ඩනයේ දේශපාලන රැකවරණය ඉල්ලා සිටින අයෙක් වත්දොයි අනුමාන කළ හැකි බවත් එම වාර්තාව දුටු අය කියති.
ඔහු යුද්ධය අවසාන වුවාට පසුව ශ්‍රී ලංකාවේදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් පැවසු කිසිම දෙයක් සත්‍ය නොවන බව කිවේය. " එදා මට එහෙම කියන්න සිද්ධ වුයේ ඒ සම්බන්ධයෙන් මට රජයෙන් දුන් උපදෙස් පිළිපදින්නට සිදුවුණ නිසයි" කියන දොස්තර තුරෙයිරාජා චැනල් 4 නාළිකාවට දැන් වෙනත් කතාවක් කියන්නෙත් ඒ වගේම එම මාධ්‍ය ආයතනයෙන් ලබාදෙන උපදෙසයකට අනුවද කියා සැකයක් මතුවන බව මෙම වාර්තාව දුටු බොහෝ දෙනෙක් පැවසුහ.

