ඩෙවොන් ඇළට වැටී අයෙක් මරුට:තවත් අයකු අතුරුදන්


(රංජිත් රාජපක්ෂ)

ඩොවොන් ඇළෙහි වැටිමෙන් එක් අයකු අතුරුදහන් ව තවත් අයකු මියගොස් ඇතැයි දිඹුලපතන පොලිසිය කියයි.  මියගිය අයගේ සිරුරක් ඩොවොන් දිය ඇල්ලට පහලින් තිබි අද පස්වරුවේ සොයාගත් බව දිඹුල පතන පොලිසිය පැවසිය.

දිඹුල පතන  ක්‍රේග්ලි වතුයායේ පදිංචි පලණියන්ඩි මොහන්රාජ් (42) හැවිරිදි පස්දරු පියාගේ සිරුර හමුවී ඇති අතර එම වතුයායේම පදිංචි බාලමණික්‍යම් වේලුකුමාර් (51) අතුරුදහන්ව  ඇත.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන ප්‍රදේශයට ගිය දෙදෙනා ආපසු නිවස කරා නොපැමිණි නිසා පවුලේ ඥාතින් ඒ පිලිබදව දිඹුල පතන පොලිසිය වෙත (12) දින පැමිණිලි කිරිමෙන් පසු පොලිස් නිලධාරින් ඩොවොන් ඇළ දිගේ සොදිසි මෙහෙයුමක් දි  එක් අයකුගේ සිරුර ඩොවොන් දිය ඇල්ලට පහලින් කොත්මලාඔයේ තිබි හමු වු බවයි දිඹුල පතන පොලිසිය කියා පැවැසීය.