
(සුජිත් හේවාජුලිගේ)
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් කිසිවෙකුටත් එම වයිරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
මේ අතර නව වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ පුළුල් කර ඇතැයි පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම පරීක්ෂණ මගින් ඉදිරියේදී වැදගත් තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇතැයිද සඳහන් කළේය.

