ඩෙනිම් ඇන්දත් පොලිසියට හොරේ අහුවෙයි


මහරගම නාවින්න ක්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයකි. බොහෝ ‍දෙනෙක් එහි ආහ. ඩෙනිම් කලිසම් හා ෂර්ට් ඇඳ පැමිණි පස් දෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ළඟ ත්‍රෛලෝක පත්‍ර තිබුණාලු.

පස් දෙනාම කොට්ටාව පැත්තේ අයලු. ඔවුන් බලන්නට ආ ගරු කටයුතු පිරිසක් නිසා පොලිසියට සැකයක් ඇතිවිය. හැබෑටම කූඩුවේ ඉන්නේ හැමදාම කලිසම් අඳින පිරිසක්දැයි පොලිසියට ප්‍රශ්නයක්ලු.

පොලිසියේ සැකය හරිය. ඔවුන් ගිහිගෙට පැමිණ ඇත්තේ සංගීත සැඳෑවට යාම සඳහාලු. වෙස් මාරු කරගත් තැනද දැන් පොලිසිය දනී. ඔවුන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.