කොරෝනා වයිරසය මැඩලීම සඳහා ඩෙන්මාර්කයට අප්‍රේල් 13 දක්වා ඇතුළු වීම සහ පිටවීම තහනම් කර, හුදකලා නගරයක් කිරීමට රජය පියවර ගෙන ඇත.
මාර්තු 11වන දින සති දෙකක් ඩෙන්මාර්කයට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර තිබූ අතර එය, අප්‍රේල් 13 දක්වා දීර්ඝ කර තිබේ.
සියලුම පාසැල්, ආපන ශාලා සහ පොදු ස්ථාන වසා දමා ඇති අතර පෞද්ගලික අංශයේ සේවකයන්ට ද නිවසේ සිට රැකියාව කරන ලෙස නියෝග කර තිබේ.
ඩෙන්මාර්කයේ මේ වනවිට කොරෝනා ආසාදිත මරණ 24ක් වාර්තා වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

