(රංජන් කස්තුරි)
ඩෙටෝල් ආයතනය ප්‍රජා සත්කාර සේවයක් ලෙස රුපියල් මිලියන 3 කට අධික වටිනාකමකින් යුතු සනීපාරක්ෂක නිෂ්පාදන තොගයක් රජයේ රෝහල්වලට පරිත්‍යාග කර තිබේ.
මීට අමතරව කොවිඩ් 19 වසන්ගතය දුරු කිරීමට ජනතාවට සහය වීම සඳහා අයි ඩී එච් රෝහලට, කොළඹ ජාතික රෝහලට, කළුබෝවිල , මීගමුව , රාගම , මාරවිල මුල්ලේරියාව , අනුරාධපුර රෝහල් සඳහාද ජනතාවට අත් සේදීමේ නිවැරදි ක්‍රමය සම්බන්ධ රූපමය පනිවිඩ ලබා දීමක්ද සිදු කර තිබේ.
මීට අමතරව කොළඹ කොටුව මරදාන, ගම්පහ , දෙමටගොඩ සහ වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල සහ ප්‍රධාන බස්නැවතුම්පොළ කිහිපයක අත්සේදුම් ඒකක ස්ථාපිත කර විෂබීජහරණ ද්‍රව්‍ය සපයා ඇති බවද රෙකිට් බෙන්කිසර් ශ්‍රී ලංකා සමාගමේ වානිජ අධ්‍යක්ෂක සින්ක්ලෙයාර් කෘස් මහතා පැවසීය.






