ඩෙටනේටර් - සේවා නූල් සිද්ධියට සරසවි සිසුවා ඇතුළු 5 දෙනා රඳවා ප්‍රශ්න කරයි


පිළියන්දල ප්‍රදේශයේ නිවාස දෙකකින් විද්‍යුත් ඩෙටනේටර් හා සේවා නුල් තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත සරසවි සිසුවා ඇතුළු පුද්ගලයන් පස්දෙනාගෙන් පැය 72 කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කරන බව පිළියන්දල පොලිසිය පවසයි.

එම පුද්ගලයන් සමඟ විද්‍යුත් ඩෙටනේටර් 297 ක් හා සේවා නුල් 290 ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සරසවි සිසුවාගේ පියා සහෝදරයා මෙන්ම ත්‍රි රෝද රථ රියදුරු හා ඔහුට මෙම ද්‍රව්‍ය ලබා දුන් බව කියන පුද්ගලයා ද වන බව පොලිසිය පවසයි.

යුද හමුදා නිලධාරියා හා පොලිස් නිලධාරින් එක්ව කළ සෝදිසි මෙහෙයුමේ දී ජයමාවත නිවාස තුළ තිබී මුලින්ම හමුවී ඇත්තේ සේවා නූල් තොගය බව පොලිසිය කියයි.

එම නිවසේ පදිංචිව සිටි ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරිමේ දී ඔහුට මෙම සේවා නුල් හා ඩෙටනේටර් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.