ඩෙංගු යළි හිස ඔසවයි


(ඩයනා උදයංගනී)

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය සතියක කාලයේදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 1,102 දෙනකු වාර්තා වී ඇති අතර වසරේ මුල් මාස පහ තුළ ඩෙංගු රෝගීන් 17,405 දෙනෙක් වාර්තා වී ඇත.

පසුගිය වසරේ මෙම කාලය තුළ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 8,936ක් වන අතර, පසුගිය වස‍රට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු ව්‍යාප්තිය දෙගුණයකින් පමණ වැඩි වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසීය.

පසුගිය සතිය තුළ හඳුනාගත් රෝගීන්ගෙන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

උතුරු පළාත තුල පමණක් ‍වසරේ පළමු මාස පහ තුළ  ඩෙංගු රෝගීන් 1,785 දෙනෙකු වාර්තා වී ඇති බව එම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.