ඩෙංගු මදුරුවා ප්‍රා ලේකම්ට උසාවිය පෙන්වයි


ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් නිල නිවසේ ගෙවත්ත පවත්වාගෙන ගිය බවට කැබිතිගොල්ලෑව සෞඛ්‍ය පරීක්ෂක විසින් කැරුණු පැමිණිල්ලක් අනුව ලබන තිස් වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රා තිළිණ ගමගේ මහතා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් පී.ආර්. ජයරත්න මහතාට නියෝග කෙළේය.