ඩෙංගු කීටයන් හඳුනාගන්න පොලිස් නිල සුනඛයින්


(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් නිල සුනඛයින් යොදවා ඩෙංගු  කීටයන් ඇති ස්ථාන හඳුනා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මහනුවර  නිළ සුනඛ අංශයේ ජොනී සහ රොමා  යන සුනඛයින් මේ සඳහා පුහුණු කර ඇති බවද හෙතෙම කීය.

මෙම  පුහුණුව සාර්ථක බවත් ඔවුන් හරහා ඩෙංගු කීටයන් හඳුනා ගැනීමට හැකි වූ බවත්  මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය

ඉදිරියේ දී මේ සඳහා තවත් නිල සුනඛයින් පුහුණු කර ඩෙංගු කීටයින් හඳුනාගැනීමේ හඳුනාගැනීමේ මෙහෙයුම්වල සහභාගි කරගන්නා කර ගන්නා බව ද හෙතෙම කීය .