ඩෙංගු එන්නත් පරීක්ෂාවේ තෙවන පියවර සාර්ථකයි


(රංජන් කස්තුරි)

ඩෙංගු සඳහා එන්නතක් නිපදවීමට ඇමෙරිකාවේ ටකේඩා ෆාමසූටිකල් සමාගම සිදුකරන පර්යේෂණවල තෙවන පියවර සාර්ථක වී ඇතැයි එම සමාගම සඳහන් කරයි.

ඩෙංගු ක්‍රියාකාරීත්වයට එරෙහිව ටෙටුවාලන්ඩ් ප්‍රතිශක්තිකරණ ඩෙංගු එන්නත් පරීක්ෂාවේ තෙවන අදියරේ මාස 18ක ප්‍රතිඵල සාර්ථක වී ඇතැයි ටකේඩා සමාගම අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කර තිබේ.

මීට ඉහත එම පර්යේෂණවල දෙවන පියවර සාර්ථක වූ බවද ටකේඩා සමාගම ඉකුත් නොවැම්බර් මාසයේදී නිවේදනය කළේය.

ඩෙංගුවලට එරෙහිව එන්නතක් නිපදවීමේ පර්යේෂණ තවදුරටත් ඉදිරියට සිදුකෙරෙන බවද ටකේඩා සමාගම කියයි.