(උපාලි රණවීර)
කිරිඳිවැල මාලිගාවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසල රැගෙන ඒමට විරෝධය පළ කිරීම, එම මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගය අවහිර කිරීම හා රජයේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත පූගොඩ අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප‍්‍රසන්න රණතුංග යන මහත්වරු ඇතුලූ 10 දෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට පූගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලූපුලි ලංකාපුර මෙනෙවිය අද (5) නියෝග කළාය.
තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප‍්‍රසන්න රණතුංග, දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක, හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීන් වූ තාරක අබේවික‍්‍රම, නිහාල් ගාමිණි විජේරත්න හා නිශාන් රාජසිංහ, ආර්.ඩී. ජානක ජයසිංහ, ඩබ්ලිව්.ඒ. ප‍්‍රදීප් හාඩබ්ලිව්.ඒ. සුරංග විජේසිංහ යන 10 දෙනා මෙසේ ඇපමත මුදාහැරිණි.
මෙම සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන සිටි බන්දුල ප්‍රේමසිරි නැමැති අය මීට ඉහත දී අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබේ. නඩුව විභාගය ජුනි මස 6 වැනි දා දක්වා කල් තැබිණි.

