
ඩුබායිහි සියලු ව්‍යායාම් මධ්‍යස්ථාන සහ සිනමාශාලා මාර්තු මාසය අවසන් වනතුරු වසාදැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වයිරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 86 දක්වා ඉහළයාමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
රාත්‍රී සමාජශාලා ආශ්‍රිත සියලු උත්සව කටයුතු වසාදැමීමට පියවර ගත් බව අබුඩාබිහි සංස්කෘතික සහ සංචාරක කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
බලධාරීන් සඳහන් කළේ, මංගලෝත්සව, විනෝදාත්මක අවස්ථා ආදී මහජනයා එක් රැස් වන ස්ථාන සියල්ල සතිඅන්තය වනවිට වසාදැමීමට කටයුතු කරන බවය.

