එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සමාජ සත්කාර කටයුතු සැපයීම වෙනුවෙන් පිහිට වූ ‘සහන‘ සමාජ සේවා සංවිධානයේ නව කාර්යාලය ඩුබායි සහ උතුරු එමීරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අබ්දුල් රහීම් මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සුබ මොහොතින් ඩුබායිහිදී විවෘත විය.
ඩුබායිහි ලාංකිකයින් රැසකගේ සහභාගීත්වයෙන් සර්ව ආගමික වතාවත්බ වලින් විවෘත කළ ‘සහන‘ සමාජ සේවා සංවිධානයේ කාර්යාල එරට දී සිටියදී විවිධ හිරිහැර හා පීඩාවන්ට පත්වූ සහ පත්වන ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ජාති බේද නොසලකා උදව් උපකාර කිරීමේ අරමුණෙන් යුතුව පිහිටවූ බව එම සංවිධානයේ සභාපති උපුල් ගමගේ මහතා පවසයි.
සේවා ස්ථානයේදී, වැඩපොළේදි කරදරයට පත්වන සෑම ලාංකිකයෙකු වෙනුවෙන් නොමිලේ ඕනෑම අවස්ථාවක මෙම සහන සමාජ සේවා සංවිධානයේ කාර්යාල විවෘත වන බව එම සංවිධානයේ සභාපතිවරයා කීවේය.
එරට එතෙක් පැවති සංවිධානයන් වන ඕල්කොට් විද්‍යාලිය ආදි ශිෂ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා ව්‍යවස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනයේ ඩුබායි ශාඛාව , ඩුබායි අපේ කට්ටිය මිතුරු කැළ , ඩුබායි දහම් පාසල , ඩෙසර්ට් ලංකන්ස් ක්‍රිකට් සමාජය , ෆුජෙයිරා සිංහ ක්‍රීඩා සමාජය, හෙළබිම සංවිධානය, ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය , සංසදය සංවිධානය, ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාඛාව , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කතෝලික සංගමය යන සංවිධාන 11ක එකතුවෙන් 2012 වසරේදී ජුනි 8 වැනිදා බිහිවු ‘සහන‘ සමාජ සේවා සංවිධානය මීලඟ අරමුණ වී ඇත්තේ එරට රජයේ අනුමැතිය ලබාගත් සමාජ සේවා සංවිධානයක් ලෙසින් සියලූ ලාංකික ශ්‍රමිකයින්ට හැකි උපරිමයෙන් සමාජ සත්කාර සේවා ලබා දීමය. ‘සහන‘ සමාජ සේවා සංවිධානය පිළිබඳ වැඩිදුර තොරතුරු [email protected] හෝ www.facebook.com/sahanauae යන ෆේස්බුක් ලිපිනය ඔස්සේ ලබා ගත හැකියි.

![11721352_10153490696383960_544503518_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11721352_10153490696383960_544503518_n1.jpg)
![11739600_10153490696338960_443237817_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11739600_10153490696338960_443237817_n1.jpg)
![11739709_10153490696408960_1047303929_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11739709_10153490696408960_1047303929_n1.jpg)
![11748641_10153490696508960_1277714521_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11748641_10153490696508960_1277714521_n1.jpg)
![11749304_10153490696203960_1155463488_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11749304_10153490696203960_1155463488_n1.jpg)
![11749463_10153490696493960_792661808_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11749463_10153490696493960_792661808_n1.jpg)
![11759065_10153490696173960_2087637955_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11759065_10153490696173960_2087637955_n1.jpg)
![11774643_10153490696183960_1765958866_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11774643_10153490696183960_1765958866_n1.jpg)
