ඩීසල් ලීටරයකින් ආණ්ඩුවට රුපියල් සීයක පාඩුවක්


 

(අංජුල මහික වීරරත්න)

ඩීසල් ඩීටරයකින් රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් විස්සක් රජයට පාඩු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මහතා මාධ්‍ය හමුවේදී අද පැවසීය.

ඒ පාඩුව පියවා ගැනීම සඳහා  රජය මසකට බිලියන විස්සක් මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවන බව ද අමාත්‍යවරයා කීය. ආර්ථිකයට වන බලපෑම අවම කර ගනිමින් අඛණ්ඩ බලශක්ති සැපයීමක් තහවුරු කිරීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.