(මහින්ද නිශ්ශංක)
ඔටෝඩීසල් මිල වැඩි කිරීම හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ රියදුරන් ඔවුන්ගේ ගාස්තු 5%කින් ඉහළ දැමීමට අද(11) තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.
මේ මාසයේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීය.

