ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දුන්හිඳ වංගුව ආසන්නයේ දී නවතා තිබූ ත්‍රිරෝද රියක් මතට පෙරළීමෙන් එකම පවුලේ සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි. උෟවපරණගම පදිංචි මව පියා සහ දරුවන් දෙදෙනා මහියංගන විහාරය වන්දනා කොට ආපසු නිවෙසට යමින් සිටින අතර මාර්ගය අසල නවතා දහවල් ආහාරය ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. බවුසරයේ තිබූ ඩීසල් සම්පූර්ණයෙන්ම බදුල්ල මහියංගන මාර්ගයේ දිගේ ගසාගෙන ගිය අතර අසල්වැසියේ විශාල ප්‍රමාණයේ බැරල් වලට පුරවනු අයුරුද දක්නට ලැබිණි.








