ඩීසල් නැව් තොග පහක් ගන්න සම්පාදනය සිංගප්පූරුවට


(අංජුල මහික වීරරත්න)

ඩීසල් බැරල් 1,400,000+/-5% නැව් තොග 5ක ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025 -11-15 දින සිට 2026-06-14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000+/-5% (නැව් තොග 5ක්) ප්‍රසම්පාදනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම පිණිස එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. 

ඒ සඳහා ලංසුකරුවන් 7 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව එකී ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s. Trafigara Pte Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය  මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.