ඩී.වී.උපුල් 10 දක්වා රිමාන්ඩ්


දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (8) සවස නියෝග කළේය.

පසුගිය 30 වැනිදා තිස්සමහාරාමයේ පැවති රැස්වීමකදී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවූ පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සියලු නිලධාරීන් ගල් ගසා මරන බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද රහස් පොලිසිය ඔහුගෙන් පැය හත හමාරක් ප්‍රශ්න කිරීමෙන් පසු උසාවියට ඉදිරිපත් කෙරුණි.

80ddc50f40bc2b171fbf85de3e810186c7ef2f3486980cdbc44b0a96da4a3b71 86b39a21b5c2e8028e272bbb99dbf27b151ddbe9c58fd210e5ef8464a72553e5 a1d2c97205656d4a5ad9d1fded17bfd45b6299b550687735da9014bf816be1e6