ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වසනීය ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවත් තමිල්නාඩු හිටපු මහඇමැති එම්. කරුණානිධිගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්‍ෂය සම්මත කර ගෙන ඇතැයි වාර්තාවේ.
එම යෝජනාව ඉන්දිය මධ්‍යම රජය මගින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ළඟදීම ඉදිරිපත්කළ යුතු බවට එම පක්‍ෂයේ සියලූම සාමාජිකයන්ගේ එකඟත්වය පළවී ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරයි.
ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් (ඞී.එම්.කේ) පක්‍ෂයේ වාර්ෂික මහ සමුළුව ඊයේ (15)චෙන්නායි නුවරදී එහි නායක කරුණා නිධිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.