ඩී.අයි.ජීට - ඒ.එස්.පීට පහරදුන් අයෙක් මාට්ටු


(ඉන්දිකා රාමනායක)

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර දී ඉකුත් (9) තිබූ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් අනතුරුව මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ දී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ට හා,පොලිස් අධිකාරීවරයකු ට පහර දී පොලිස් මෝටර් රථයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

පහරකෑමට ලක්වූ පොලිස් අධිකාරිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මෙම සිද්ධියෙන් අනතුරුව සැකකරුවන් මෝටර් රථ කොටස් ගලවාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු භාරයේ එම කොටසක් ද තිබී ඇත .

සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචි. පුද්ගලයෙකි.