ඩී. එස්. සේනානායක වට රවුම අසළ මළ සිරුරක්


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)


අනුරාධපුර නගරයේ ඩි.එස්.සේනානායක වට රවුම ආසන්නයේ තිබු පුද්ගලයෙකු ගේ මළ සිරුරක් අද (16) දින උදැසන පොලිසිය මගින් සොයා ගෙන තිබේ.


පොලිසිය විසින් කල මුලික විමර්ෂණයේදි මිය ගොස් ඇති මෙම පුද්ගලයා ගලෙන්බිදුණුවැව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගල යෙකු බවට තහවුරැ කොට ගෙන තිබුණි.


මෙම පුද්ගලයා මිය ගියේ කෙසේද යන්න පිලිබදව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණයවි නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.