ඩිෆෙන්ඩරයෙන් අවුත් අහසට වෙඩි


හාලි ඇළ ඇටම්පිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රියකින් ආ පිරිසක් අහසට වෙඩි තබා එජාප පාක්ෂිකයකුට පහරදී ඔහුගේ හෝටලයකටද හානි කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

තවත් එජාප පාක්ෂිකයකුගේ නිවසකටද හානි සිදු කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අවට වැටී තිබියදී සොයාගත් ටී 56 ගිනි අවියක හිස් පතරොම් කොපු 3ක් ද ප්‍රදේශවාසීන් පොලිසියට බාර දී ඇත.