ඩිස්නි සමාගමෙන් කොළඹ සමාගමකට නඩු


ඩිස්නි වෙළෙඳ ලාංඡනයට සමාන ව්‍යාජ ලාංඡන යෙදූ සෙල්ලම් බඩු විකුණතියි ඇමෙරිකාවේ ඩිස්නි කෝපරේෂන් ශ්‍රී ලංකාවේ නීතීඥයන් මගින් කොළඹ රෙදිපිළි වෙළෙඳ හලකට එරෙහිව නඩු පවරා ඇත. බුද්ධිමය දේපොළ පනත යටතේ පවරා ඇති මේ නඩුවෙන් ඩිස්නි සමාගම කියනුයේ මේ ක‍්‍රියාව නිසා තමනට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවන බවයි. ව්‍යාජ භාණ්ඩ විකිණීම ශ්‍රී ලංකාවේ සපුරා තහනම්ය. ලංකාවේ සමාගම වැරදිකරු වුවහොත් රුපියල් පන් ලක්‍ෂයක දඩයක් හෝ හය මාසයක සිර දඬුවමක් හෝ ඒ දෙකම පැනවිය හැකිය.