ඩිස්කවරි ෂටලය විශ‍්‍රාම ගනී By None // 2012 අප්‍රේ 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමරිකාවේ ගුවන් හා ගගණ (නාසා) ආයතනය සතුව තිබූ අභ්‍යවකාශ ෂටලය විසි අට වසරක මෙහෙවර හමාර කරමින් අභ්‍යාවකාශ ගමන්වලින් අඟහරුවාදා සිට විශ‍්‍රාම ගැන්වීමට නාසා ආයතනය තීරණය කළේය. නාසා ආයතනයේ පැරණිතම හා වැඩිම වාරයක් අභ්‍යාවකාශ ගත වූයේ ද ඩිස්කවරි ෂටලයයි. වොෂින්ටන්හි ජාතික කෞතුකාගාරයේ යානය තැන්පත් කිරීමට මත්තෙන් ඩිස්කවරි ෂටලයට කෘතගුණ සැලකූ නාසා ආයතනය එය අවසන් ගුවන් ගමන සඳහා යෙදවිය. බොයින් 747 ගුවන් යානයක ඉහළ සවි කළ ඩිස්කවරි ෂටලය කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට වොෂින්ටන් නුවර අහස පුරා සැරි සැරීය. මෙම අවස්ථාව දැක ගැනීමට ප‍්‍රභූවරු, මාධ්‍යවේදීන් හා විදෙස් සංචාරකයෝ දෙදහසකට අධික පිරිසක් කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට එක්වූහ. ගගණගාමීන් තිදෙනකු සමග ඩිස්කවරි ෂටලය 1984දී කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ප‍්‍රථම අභ්‍යාවකාශ ගමන් ගියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත