මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ 11 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ගොනු කළ පෙත්සම විභාගයට ගන්නාවාද නැද්ද යන්න සලකා බැලීම සඳහා අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප‍්‍රමුඛ විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තීන්දු කළේය.
එසේම එම පෙත්සම පංච පුද්ගල හෝ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහාද පෙත්සම හෙට (8) අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමටද තීරණය විය.
මෙම පෙත්සම අද (07) බුවනෙක අළුවිහාරේ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි.
තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු ඇමැති සිය පෙත්සමින් ඉල්ලා සිටී.
මැතිවරණ කොමසාරිස් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
නාමයෝජනා බාර දෙන අවස්ථාවේදී ප‍්‍රකාශිත ගැසට් නිවේදනයේ නම නොමැති සහ මැතිවරණයේදී පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස ප‍්‍රකාශ කිරීමෙන් මැතිවරණ කොමසාරිස් මෙරට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලයි.

