අපි ‘නොදර්න් එක්ස්ප්‍රස් වේ‘ කියා හදන්න හැදූ පාරටම රනිල් වික්‍රමසිංහ මහතා ‘සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ‘ යනුවෙන් නම් යොදා ආරම්භ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී අද (4) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කීවේය.
වහ බෝතල් කිහිපයක් ගෙනැවිත් ඒවා මහ බැංකු වංචාව වහන්න හැදූ රනිල් වික්‍රමසිංහ මහතාට, රවී කරුණානායක මහතාට, ලොකුම වංචාව කළ මහ බැංකු අධිපතිට, ලොතරැයි ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් මංගල සමරවීර මහතාට, වැලි පර්මිට් ලබාදුන් ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දුට බීමට සුදුසු බවත් ජනතාවගේ සල්ලි හොරකම් කරන අයට වහ බොන්න යැයි කියූ මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවී මේවා ලබාදී එම පුද්ගලයන්ට බීමට ලබාදීමට කටයුතු කරන බවත් ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඡායාරූප - ඉෂාන් සංජීව
වීඩියෝ - සනත් ඩෙස්මන්
විඩියෝ - ඉෂාන් සංජිව



