ඩිලාන් ගැන අජිත් පෙරේරාට දුකයි


අගමැතිවරයාට හා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට බව කියමින් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවකට රැුගෙන ආ වස බෝතල් පහ අගෝස්තු 18 වැනිදාට ලැබෙන මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පසු  භාවිතා කිරීමට එතුමාට නොසිතේවා යැයි ප‍්‍රාර්ථනා කරන බව විදේශ  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.  

කෙසේ වෙතත් එම වස බෝතල් 17 වැනිදා උදේ වන විටවත් කබඩයක දමා අගුල් දා එහි යතුර බිරිද අතට   දෙන්නැයි පෙරේරා මහතාගෙන් තමා ඉල්ලා සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

එසේ කිරීමෙන් ඔහුගේ ජීවිතය බේරෙතියි ද ඔහු කීවේය.

‘ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු  ලෙස හෝ එතුමා  පාර්ලිමේන්තුවේ දී දකින්න අපි කැමතියි’ කී නියෝජ්‍ය අමාත්‍යවරයා එහෙත් එතුමාට ජාතික ලැයිස්තුවෙන්වත් අවස්ථාව ලැබේද යන්න සැක සහිත යැයි කියා සිටියේය.

වසර 20ක් පමණ දේශපාලනය කළ අය ජාතික ලැයිස්තුවෙන් ඉල්ලන්නේ දිනන්න බෑ කියා සිතුනාම යැයි කී   පෙරේරා මහතා ජනතාව අතරට ගොස් ඡන්දය ඉල්ලන්නත් බැරි තත්ත්වයක්  පෙරේරා මහතාට ඇතිවීම ගැන කනගාටු වන බව ද කීවේය.