ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි


තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඩිල්ෂාන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (23)විද්‍යූත් තැපෑලෙන් (ඊමේල්) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා යොමුකර තිබේ. ඩිල්ෂාන්, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන කණ්ඩායම් තුනේම නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත් තමන් තව දුරටත් කණ්ඩායමේ ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරන බවත් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් දැනුම්දී තිබේ.