ණයට ගත් කුවේට් ඩිනාර් 500ක් (රුපියල් 221375) යළි නොදුන්නේ යැයි කෝපයට පත් ඉන්දීය ජාතිකයෙකු කුවේටයේ ශ්‍රී ලංකික හෙදියක (31) පිහියෙන් ඇණ මරාදමා ඇතැයි කුවේට් තානාපති ආරංචි මාර්ග පවසයි.
කුවේට් සිටි රෝහලක සේවය කළ එම තරුණිය වැඩ නිමවී නිවහනට යද්දී පටුපසින් පිහියෙන් ඇණ ඇය මරා දමා ඇත.
රෝහල් සේවකයෝ සැකකරු අල්ලා පොලිසියට භාර දුන්හ.

