පෙර ගෙවුම් කාඩ්පතකින් ගමන් ගාස්තුව ගෙවා පෞද්ගලික බසයේ ගමන් කළ හැකිඊ බස් ටිකට් පත මාතර ප්‍රධාන බස් නැවතුම් පොළේදී හැටන් නැෂනල් බැංකුව අද නිකුත් කළේය.
එච් එන් බී පෙර ගෙවුම් කාඩ්පත ඉදිරිපත් කොට විද්‍යුත් බස් ටිකට් පත්‍රය ලබා ගෙන පෞද්ගලික බසයක යාමේ අවස්ථාව හිමි කර ගත්තේ යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතායි.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජපානයේ ශ්‍රී ලංකා තානාපති නොබිනිතෝ නොබෝ, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඒ සමරසිංහ, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී කාංචන විජේසේකර, මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති ඒ කේ එච් හල්පගේ යන මහත්වරු ඇතුළු පිරිසක් ද ඊ ටිකට්පත් ගෙන බස් රථයට ගොඩ වී පළමු ගමන් වාරයට සහභාගී වූහ.
මෙම කාඩ්පතින් භාණ්ඩ මිලදී ගැනීම, බිල් ගෙවීම, මුදල් ලබා ගැනීම ආදී සේවා රැසක් සිදු කර ගත හැකි යි.
බසයේ ගමන් වාර සඳහා ගෙවන මුදල බැංකු ගිණුමෙන් අය කර ගෙන බස් රථ හිමියාගේ ගිනුමට ස්වයංක්‍රීයව බැර කැරෙයි.
එච් එන් බී බැංකුව, එයාර් ටෙල් දුරකතන සමාගම, සෝනි නිෂ්පාදන ආයතනය, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා මාතර මගී ප්‍රවාහන සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට තිබේ.
පළමු අදියර ලෙස එන් එෆ් සී තාක්ෂණය ඔස්සේ දුර ගමන් බස් රථ 225කට නව යන්ත්‍ර ලබා දී ඊ බස් ටිකට් නිකුත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඒ සඳහා වූ ටිකට් පත් යන්ත්‍ර ලබා දීමද මාතර වෙරළ තීරයේ පැවැති උත්සවයේ දී සිදු විය.