ඩි.අයි.ජි. සේවය දික් කළාට අයිතිවාසිකම් පෙත්සමක්


මැතිවරණ කටයුතු බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාට සේවා දිගුවක් ලබාදීමට එරෙහිව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති දයා ගුණවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබා දුන්නේය.

මෙම පෙත්සම නොවැම්බර් 11 වැනිදා විභාගයට ගනීමටද දින නියම කැරිණි.මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ, අනිල් ගුණරත්න සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීය.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන අගමැති රනිල වික‍්‍රමසිංහ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ඔහුට සේවා දිගුවක් ලබාදීම නීතියට පටහැනි බවත් එමඟින් තමාට හිමිවිය යුත උසස්වීම් නොලැබෙන බවත් ඉන් තම මූලික අයිතිවාසිකම් කඩවන බවත් ගුණවර්ධන මහතා සිය පෙත්සමින් කියා සිටී.