(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් ඩෑන් ප්‍රියසාද් මහතා මියගිය බවට පොලිසිය කලින් සඳහන් කළද එය වැරදී තොරතුරක් නිසා සිදු වූවක් බවට පසුව තහවුරු කරන ලදි.
එම වරද නිවැරදි කරමින් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසුවේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් මහතා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ප්‍රතිකාර ලබන බවයි.