(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාමාජ ක්‍රියාකාරියෙක් වන ඩෑන් ප්‍රියසාද් ඇතුළු හතරක් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර මොරටුව නගරාධිපති සමන් ලාල්, සීතාවක ප්‍රදේශිය සභාවේ සභාපති ජයන්ත රෝහණ, කැලණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි මංජුල ප්‍රසන්න යන අය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශයක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරඇත.