ඩයස්පෝරා සැණකෙලිය එක්සත් රටක් ප්‍රිය කරන්නන්‍ට


මෙම  වසර  අවසානයේ  දී  මෙරට පැවැත්වීමට  යන ඩයස්පෝරා  සැණකෙළියට සහභාගි විය හැක්කේ එක්සත්  ශ්‍රි  ලංකාවකට  ප්‍රිය කරන්නන්ට මිස බෙදුම්වාදීන් කිසිවෙකුටත් මීට සහභාගි වීමට  ඉඩ  නොදෙන බව ද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා රජයේ  ප්‍රවෘත්ති මාධ්‍ය  හමුවක දී   පැවසීය.

ඩයස්පෝරාව සමඟ සාකච්ජා ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී  බව කී  අමාත්‍යවරයා  දකුණු අප්‍රිකාවේ  මැදිහත්වීමෙන්  ආරම්භ වු  එම සාකච්ඡාවලට  හිටපු  ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා  සහභාගි වු  බව ද සඳහන්  කළේය.

දේශිය හා  විදේශිය ශ්‍රී  ලාංකිකයින් අතර  සමගිය ඇතිකර ඔවුන් රටේ සංවර්ධනයට  දායක කර ගැනීම රජයේ  අරමුණ බව කි  අමාත්‍යවරයා  ඩයස්පෝරා  සැණකෙලියේ  අරමුණ ද එය බව කියා  සිටියේය.