(රංජිත් රාජපක්‍ෂ)
ආගරපත ඩයගම බටහිර අංක 1 කොටසේ පාසලේ සිසුන් 39 දෙනකු අද (21) හදීසියේ රෝගාතුර වීම නිසා ඩයගම ප‍්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඩයගම පොලිසිය පවසයි.
ක්ලාන්තය සහ වමනය වැනි රෝග ලක්‍ෂණ එම සිසුන්ගේ පවතින බවද කියැවේ.
ඉකුත් (19) වැනි දා එම ප‍්‍රදේශයේ හින්දු කෝවිලක පැවති උත්සවයක දන්සලකින් ආහාර ලබා ගත් වැඩිහිටියන් පිරිසක්ද මීට ප‍්‍රථම මෙවැනිම රෝග ලක්‍ෂණ සහිතව රෝහල්ගත කර ඇති බවත් මෙම පාසල් සිසුන්ද එදින මෙම දන්සලෙන් ආහාර ලබාගෙන ඇති බවත් පොලිසියි කියයි.
රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පැවසීය.

