බෞද්ධ විශ්ව කෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ ආචාර්ය ඩබ්ලිව් ජි වීරරත්න මහතා පෙරේදා (11) අභාවප්‍රාප්ත විය.
වීරරත්න මහතා ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු 1953 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයයට ඇතුළු වී 1961 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා 1975 දී එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් සරසවියේ දර්ශන ශූරී උපාධියද ලැබුවේය.
ඔහු අවුරුදු 79 ක් වන තුරුම වසර 51 ක් බෞද්ධ විශ්වකෝෂ කර්තෘවරයා විය.
අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අද සවස 5ට සිදු කෙරිණි.

