ඩකා නුවර සිරවී සිටින සිසුන් ගෙන්න ගුවන් යානයක් යවයි


(ටී.කේ.ජී.කපිල )

බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා අද 27 දින දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් බංග්ලාදේශය බලා පිටත් විය.

යූ.එල්.- 1422 දරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් 01.15 ට බංග්ලාදේශයේ ඩකා නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

මෙම ගුවන් ගමන සදහා ඒ.320 - 214 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් යොදවා තිබුණි .

මෙම ගුවන් යානය මගීන් නොමැතිව ගමන් ගන්නා අතර , එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිටිති .

එහෙත් මෙම ගුවන් යානය අද දින දහවල් 12.15 ට පමණ පිටත්වීමට සූදානම් වුවද , හදිසියේම මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වූ අතර, පසුව එම දෝශය යළි සකස් කර ගෙන පැයක පමණ කාළයක් ප්‍රමාද වී දහවල් 01.15 ට පමණ  පිටත් වීම සිදු විය .

මෙම ගුවන් යානය අද දින රාත්‍රී 7.45 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .