(ටී.කේ.ජී.කපිල )
ලොව පුරා පැතිර යන කොවිඩ් - 19 වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද 27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
අද රාත්‍රී 9.00 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම සිසුන් ඩකා නුවර රැදී සිටි ආකාරයට කුඩා කණ්ඩායම් වශයෙන් ගුවන් යානය තුළ ද අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් යානයෙන් පිටතට ගැනීම ද ඒ ආකාරයටම සිදු කෙරුණි .
ගුවන් තොටුපළ තුළ දී විශබීජ හරණයට ලක් කළ මෙම සිසුන් , පසුව කොවිඩ් - 19 රෝග ලක්ෂණ මෙම සිසුන් තුළ තිබේදැයි විමසා බැලීම ද සිදු කෙරුණි .
ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ මගින් මෙම සිසුන් රැගෙන යෑම සිදු කෙරුණි .

