ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතා අද උදෑසන කොළඹ පෞද්ගලිකි රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 77 වැනි වියේ පසුවූ ඒ මහතා ධර්මසිරි වික්‍රමරත්නයන්ගේ ‘රන් තෝඩු‘ වේදිකා නාට්‍යයෙන් කලාවට පිවිසියේය.
ටෝනි රණසිංහ මහතා සිය මුල්ම රංගනයෙන්ම අග්‍රාණ්ඩුකාර සම්මානය පවා හිමි කරගැනීමට සමත් විය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය‘ ඔහුගේ සිනමා ආගමනය විය. ගාමිණී ෆොන්සේකා ගේ ‘පරසතු මල්‘ සිනමා පටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවා සම්මානයට පාත්‍රවූ ටෝනි රණසිංහයන් 1969,1976 හා 1979 යන වසර වලදී හොඳම නළුවා ලෙසින් සම්මාන දිනාගත්තේය.
1937 ජූලි 31 මෝදර දී උපත ලද ටෝනි රණසිංහයන් හන්තානේ කතාව, දුහුල් මලක්, ගඟ අද්දර, රන්සළු, කලියුගය, අවරගිර, බද්දේගම, දෙලොවක් අතර, අහසින් පොළවට වැනි චිත‍්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදුන්නේය.
ටෙලි නාට්‍ය රැසකටද සිය රංගන දායකත්වය දැක්වූ ඔහු ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙසද ප්‍රචලිතය.
ඔහු බෝඩිම්කාරයෝ, තට්ටු ගෙවල්, නිල් කටරොළු මල්, හරිම බඩු හයක්, විරූප රූප යන වේදිකා නාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය.

