ටෝනි බ්ලෙයාර් අනුරාධපුරේ යයි


බ්‍රිතාන්‍යයේ  හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී  ලංකාවේ සංචාරයක නියැලීම සඳහා  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළෙන්  අද  දිවයිනට පැමිණියේය.

 ටෝනි බ්ලෙයාර් මහතාගේ   බිරිඳ වන බ්‍රිතාන්‍යයේ   සුප්‍රසිද්ධ බැරිස්ටර්වරියක් වන චෙරී බ්ලෙයාර් මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයෝ කිහිප දෙනෙකු ඔහු සමග මෙරටට පැමිණි බව වාර්ථා වෙයි.

එමිරේටස් ගුවන් සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන්යානයෙන් අද  දහවල් 1.40  පමණ ඔහු මෙරටට පැමිණ  අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතා කරන කුඩා ගුවන් යානයකින්   අනුරාධපුරය බලා පිටත්ව  ගොස්  තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව ඔවුන් මෙරටට පැමිණ ඇත.

 ටෝනි  බ්ලෙයාර් මහතා සති දෙකක් මෙරට රැදී සිටින බවද වාර්ථා වෙයි.