
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් විධායක කමිටුවේ නිල කාලය ඉකුත් වී ඇතිබව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් මෑතකදී පත්කරන ලද ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා වන ටොම් මූඩි මහතා කලබලයට පත්වී නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයට කළ දැනුම් දීම මත නීති විශාරදයන් තර්ක කළේ පෙබරවාරි 20 වැනිදායින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගන්නා ලද තීරණ සියල්ලම අවලංගු වන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙසින් ටොම් මූඩි මහතා පත්කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 28 වැනිදා නිවේදනය කළේය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ ටොම් මූඩි මහතාගේ පත්වීම මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.
සවිස්තර වාර්තාව සඳහා ටොම් මූඩි නොසැලී ඉදිරියට වෙත පිවිසෙන්න

