(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කොළොන්න පොලිස් වසමට අයත් බුලූතොට උප නගරයේ ටේලර් සාප්පුවක සිදුවූ පිපිරුමකින් එහි හිමිකරු බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇති බව කොළොන්න පොලිසිය පවසයි.
ඊයේ (06) රාත්‍රී දහයට පමණ මෙම පිපිරීම වී ඇති අතර ටේලර් සාප්පුව පිහිටි ගොඩනැගිල්ල ඒ අවට ගොඩනැගිලි කිහිපයකට ද, ටේලර් සාප්පුවේ හිමිකරුගේ ති‍්‍රරෝද රථයට ද, අසල නවතා තිබූ ලංගම බස් රථයකට ද මේ පිපිරීමෙන් හානි සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ ටේලර් සාප්පුවේ හිමිකරු වන පදිංචි එච්. දමිත් ප‍්‍රසන්න නැමැති තිස්පස් හැවිරිදි අයෙකි.
ඔහු සූරිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රාත‍්‍රියේ ම මාරුකර යවා ඇත.
සිද්ධිය වු මොහොතේ සිටි අසල්වාසියකු වන කපිල ගමගේ මහතා
’‘රාත‍්‍රියේ අපි ටීවී බලබලා හිටියේ. නවයයි හතළිස් නවයට විතර මහ ශබ්දයක් ඇසුණා. අකුණක් ගැහුවා කියලා හිතුවේ. ටීවී එක වයර් පන්නලා එළියට බැහැලා බලනකොට කෑගහනවා ඇහුණා. මම මෙතන පාරට දුවගෙන ආවා. එනකොට මෙතන එක්කෙනෙක් කෑගහනවා ඇහුණා. ඒ කෑගහන්නේ දමිත් කියලා හඳුණා ගත්තා. එහා පැත්තේ පඩිපෙළ ගාවා එයා වැටිලා හිටියේ. මම ගිහිං එයාව උඩහට උස්සාගෙන ආවා. ත‍්‍රීවිල් එකකට කතා කරලා සූරියකන්ද රෝහලට යැවුවා.’’
මෙම පිපිරීම සිදුවන ආකාරය ඊට තරමක් දුරින් පිහිටි ආරක්ෂක කැමරා පද්ධතියක සටහන් වී ඇතැයි පොලීසිය පවසයි.
පිපිරිමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර කොළොන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.