ඔහු ඇමැතිවරයෙකි. යුරෝපීය ඇඳුමට වඩා ජාතික ඇඳුමක් මසා ගැනීමට ඔහුට සිත් විය. කොළඹ නම ගිය ටේලර් සාප්පුවකට ගොස් ගණන් මිමි දුන්නේය. ඇනවුම බාර ගැනීමට ගියේය.
බිල රුපියල් 29,500 කි. පළපුරුදු මේ දේශපාලනඥයා බිල දැක වෙළඳ සහායකයාට කෑ ගැසුවේය. වට්ටමක් ඉල්ලා සිටියේය. ඔහු වෙව්ලමින් බොස්ට ඇමතුමක් ගත්තේය. ඇමැතිට ටයි පටියක් හා මේස් බැනියමක් නොමිලේ දෙන්නැයි බොස් අනෙක් පැත්තෙන් උපදෙස් දුන්නේය. සේරම සල්ලි ටික ගන්නැයිද උපදෙස් දුන්නේය. තෑග්ගද ඇනවුමද බාර දුන්නේය. ඇමැති රුපියල් 24,500ක් ගෙවා යන්නට යද්දී සේවකයා සර්, සර් කියමින් පස්සෙන් ගියේය. 5000ක් අඩු බව කීවේය. ‘බොස්ට කියනවා ඔච්චරයි මගෙ ළඟ තියෙන්නේ කියලා‘ යැයි ඇමැති ටේලර් සාප්පුවෙන් පිටව ගියේය.
ඔහු යහපාලනයට සම්බන්ධ ඇමැති කෙනකු බව කියති.

