ටෙලිකොම් සේවකයෝ ඉල්ලීම් දිනනතුරු සටනේ


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට විරෝධය දැක්වීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගනිමින් ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (19) විරෝධතාවක් පැවැත්වූහ.
ටෙලිකොම් සේවක අයිතිවාසිකම් වෙනුවෙන් වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට ටෙලිකොම් වෘත්තිය සමිති ශක්තිමත්ව පියවර ගනිමින් සිටින බවත් මෑන්පවර් ක්‍රමයට එරෙහිව අඛණ්ඩව ජයග්‍රාහීව සටන් කළ ටෙලිකොම් වෘත්තිය සමිති ඉතිහාසයේ අභිමානවත් මතකයන් හරහා සටන ජය ගන්නා බවත් එහි වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)