ටෙලිකොම් කොටස් විකිණීමේ තීරණයට වෘත්තීය සමිති විරෝධය


(බිඟුන් මේනක ගමගේ)

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රාජ්‍ය පංගුව සතු කොටස් සියයට 4.74 ක් කොටස් වෙළඳපලට විකිණීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් පාලනාධිකාරිය තීරණය කර ඇතැයිද එය ටෙලිකොම් ආයතනයේ ස්වාධීනත්වය මෙන්ම සේවක අයිතීන් අනතුරේ හෙලන තීරණයක් යැයි ද ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ටෙලිකොම් ආයතනයේ රජයේ සතු කොටස් ප්‍රමාණය සියයට 49.5 ක් යැයි ද මෙම කොටස් විකිණීම මගින් මෙතෙක් ආයතනය සතුව පැවති රාජ්‍ය හිමිකාරීත්වය මෙන්ම රාජ්‍යය වෙනුවෙන් කේවල් කිරිමේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතියටද බලපෑම් එල්ල වනු ඇතැයි එහි සඳහන් වේ.

මෙම තීරණයට ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමය දැඩි විරෝධය පළ කරන්නේ යැයි ද එම තීරණය හකුලා ගන්නැයි රජයට බල කරන්නේ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.