වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමෙන් රැස්කළ මුදල් විශුද්ධිකරණය කළැයි කියන ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි උදයංන්ති කුලතුංග මහත්මියගේ බැංකු ගිණුම් තහනම් කරමින් කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයට නියෝගයක් නිතුත් කැර ඇතැයි රහස් පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් විරසිංහ මහතා කියා සිටියේ මහාධිකරණයේ එම නියෝගය පිළිබඳ තොරතුරු ඉදිරි දිනයක දී අධිකරණයට දැනුම් දෙන බවයි.
උදයන්ති කුලතුංග මහත්මිය හා ඇගේ සොයුරිය අධිකරණය හමුවේ පනී සිටියෝය. උදයන්ති මහත්මියගේ සොයුරියගේ නමින් මූල්‍ය ආයතනයක තැන්පත් කැර ඇති රුපියල් කෝටියක ස්ථිර තැන්පතු මුදල හා බැංකු දෙකක ගිනුම් අත්හිටුවා ඇත්තේ කවර නියෝගයකින් දැයි ඇගේ නීතීඥ අසේල රැකව මහතා විමසා සිටි අවස්ථාවේ දී රහස් පොලිසිය මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
ටෙලි නිළිය අධිකරණයෙන් පිටත දී කීවේ තමාට එරෙහිව නැගන චෝදනා අසත්‍ය බවයි.

