ටෙලි නිළියගේ බැංකු ගිණුම් තහනම්


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම් බී පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරී ගෝපිරාජ් කවලංගිල් වඩකිප් (54) නම් ඉන්දියා ජාතිකයා සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කළැයි බොරලැස්ගමුවේ පදිංචි ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරිගේ (28) බැංකු ගිනුම් ගනුදෙනු අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළේය.

ආක්ෂා සුදාරි අද අධිකරණයේ පෙනී සිටියාය.

ඇගේ බැංකු හා මූල්‍ය ආයතන 29ක ගිනුම් අත් හිටුවීමට රහස් පොලිසිය අධිකරණයේ අවසරය පැතිය.

ඒ අනුව එම ගිනුම් අත්හිටැවිණි.

ගෝපිරාජ් ඇය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් වටිනා භාණ්ඩ රැසක් තමාට දුන් බව ඇය කියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

හැට්න් නැෂනල් බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ ඇමෙරිකා ඩොලර් 98000ක් (රුපියල් 13034000) ද, එම බැංකුවේ ම කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගිනුමෙහි රුපියල් 2400000ක් ඔහු විසින් බැංකු ගත කර ඇතැයි ද උසාවියේ දී සඳහන් විය.

මෙම මුදල් වැය කළ ආකාරයය ප්‍රකාශ කිරීමට සුදාරි අපොහොසත් වී ඇති බවත්, එහෙයින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන කරන බවත් රහස් පොලිසි අධිකරණයට දැන්වීය.

ගමගේ ආශා කුමාරි නොහොත් ආක්ෂා සුදාරි රුපියල් 25000ක මුදල් හා රුපියල් තුන් කොටියක ශරීර ඇප මත මුදාහරිනු ලැබ සිටියි.

ගෝපිරාජ් තමිල්නාඩුවේ චෙන්නායිහි කාම්රාජ් නගර්හි පදිංචිකරුවෙකි.

තම මුදල් වංචා කළැයි ඔහු රහස් පොලිසියට පැමිණිලි කළේ ගිය ජූලි 21 වැනි දා ය.

012 1888660_10201239665341311_1562604866_n aksha-sudari-hot-pics-2