ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී සියයට 14ක රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට අද (6) උපදෙස් දී ඇත.
නව බදු ආදායම් ප්‍රතිපත්තියේ කරුණු වැරැදි ලෙස අර්ථකථනය කර ගැනීම හේතුවෙන් ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී අදාළ බදු මුදල් අය කිරීමට කටයුතු කර තිබෙන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
සිනමා, ටෙලිනාට්‍ය සහ ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර නියෝජන කරන සංගම්වල නියෝජිතයන් ඇතුළු කලාකරුවන් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (6) පෙරවරුවේ පැවැති හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත උපදෙස් දී ඇත.
රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණ කටයුතුවලදී තමන්ට ගැටලු රැසකට මුහුණ දී සිටින බව කලාකරුවන් හා එම නියෝජිතයන් මෙහිදි ජනාධිපතිවරයාට පවසා ඇති අතර නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල ඉදිරි ගමනට බාධා එල්ල වී තිබේ නම් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙම හමුවේදී පවසා තිබේ. මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා නව බදු ප්‍රතිපත්තියට ද හානියක් නොවන අයුරින් සාධාරණ විසඳුම් දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තවදුරටත් පවසා ඇත.
දේශීය සිනමාව, ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම රජය ප්‍රතිපත්තියක් ඇතුවම කළ යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු තීන්දු තීරණ ගැනීමට වත්මන් රජය කිසිදු පසුබෑමකින් තොරව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර තිබේ.
මෙම හමුවේදී දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව රැක ගැනීම වෙනුවෙන් වත්මන් රජය යටතේ ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්වී තිබේ.
055